වේග
උණ්ඩ අස බීත වුණු අය
සාර
සාද මැද කටගැස්ම වුණු අය
කඳවුරේ
බංකරේ මහකැළේ ගේ පිළේ
මැරෙන්නට
පෙර මලමිනී වුණු අය
වයස
හරි වී අතුරුදන්
පිරිමියෙකු වී අතුරුදන්
පිරිමියෙකු වී අතුරුදන්
ගැහැණු
ඇඟකින් අතුරුදන්
හිස
කෙළින් කොට අතුරුදන්
බරක්
වීමෙන් අතුරුදන්
වැඩක්
නැතියෙන් අතුරුදන්
-***-
අහන්න.
බොහොම
පොඩි ඉඩයි ඇත්තේ
'
මරණයට
හේතුව හා භූමදානය හෝ ආදාහනය
කළ ස්ථානය'
ඉදිරියෙන්.
බැහැ
ලියන්නට හැමදේම එතැන.
අපි
ලියමු මෙහෙම.
සරලව
සුගමව.
ඉඩ
ඉතුරු කරගෙන.
“
தெரியாத
”
No comments:
Post a Comment