Thursday, June 2, 2011

:: උඹේ මලගමට කියන්නට බැරිවූ කවිය ::













මල්ලියේ....!

හිතන්නැතුවැති බෝ වෙලාවට
මැෂින් එක නවතලා එනවිට
කට්ටියම එක්කලා පෙලටම
යන්ට වේ යැයි කියා මෙහෙමම

දිනන්නට මහමෙරක් නැතිකොට
දකින්නට සුව සිහින නැතිකොට
සොච්චමට ලොබ බැඳන් ලොකුවට
හැප්පුවේ හිස ගිරිකුලක නොමවෙද

උඩුකුරුව අද සෝ සුසුම් මැද
කඳුළු විතරක් ගුණ ගයන සඳ
පලිගහන උන් පිරිවරා නුඹ
වදන් තහනම් මරණයට වැද

ගිනි පුලිඟු ගත් ප්‍රොමිතියස් නුඹ
වස බඳුන ගත් සොක්‍රටිස් නුඹ
කුරුසියේ ලූ දෙව් පුතුන් නුඹ
නොබෝ දිනකින් අමතකව යන

හෙලූ සුසුෙමන් මහමෙර කැලඹේවා
ගැලූ රුහිරෙන් ගිරි කුළු පිපිරේවා
හැඬූ හැඬුමෙන් බීරන් ඇහැරේවා
මල්ලියේ උඹ නිවනෙහි සැනසේවා.........!



නිමිත්ත: http://www.lankadeepa.lk/2011/06/02/front_news/06.htm
ඡායාරූපය: David- The Death of Socrates