Monday, July 3, 2017

:: නම් නැති 15 ::

වත වෙලී නික්ම ගිය
මුදු සුවඳ සුළං පොද
නුඹට කිසි වරද නැත
 හිටිවන ම පිටවුම ට.

දුන් දෙයම මිස
අන් යමක් ලැබී නැත. 

විරහව ද එලෙසම ය.

Sunday, July 2, 2017

:: නම් නැති 14 ::

අහඹු පුපුරකින් ගිනිගත්
කළු ගැහුණු පුළුන් පෙඳ.

 සුළං රළ වළකයි
දිග හැඩති සෝපාව.

Saturday, July 1, 2017

:: නම් නැති 13 ::

දැවී හළු වන්ට පෙර
යන්තමින් හෝ සිඹිමැයි
පොළොවටම එයි ඇතැම් තරු

දිවෙනට වරම් නොමැතිව
දිලෙමින් ම සැනහෙති
නුබ ඉතිරි තව බොහෝ තරු