අනේ දෙවියනේ මට වුණ වියෝයා
අම්මා නැති දුවත් මරු අරගෙන ගියෝයා
රුහුණු දනට ඈ අබිසරු ලියෝයා
කරවූ එවුන් දෙවිවරු රජ කුලේයා
අඳුරෙයි උන්නෙ මානාගෙන තුවක්කුව
මුන්මයි දුන්නෙ රණවිරු යැයි සබුක්කුව
ගිනිලෑමට යවා රැකුමට මිනිස් බව
ගිනි ලූයේය මගෙ පැල මුන් රැලම
රටේ රජිදාය මුන් හා පැණි කාය
ජනී ජනයාය මුන්ගෙන් කටු කාය
අතෙකින් තුවක්කුව අතෙකින් ඡන්දයය
නොමැරී මැරෙමි නිවහල් දේශයක....!
ප.ලි.: ශෝකයෙන්, තරහෙන් හා පිලිකුලෙන් ලියන ලදී.
http://www.gossip9.com/2013/02/blog-post_1747.html