හිමියනි පෙමම සොව තනනා බවද පෙමම බිය තනනා බවද අත්දුට ය සහතික ය
ඒ බියද ඒ සොවද
දිගු කලක් පැසවුණේ
මහදුරක් ඇවිලුණේ
මීට බෝ කලකට පෙර ය.
මීට බෝ කලකට පෙර ය.
හිමියනි
නො ඉසිඹුවෙන් දිව යමි
සොවට බියට නොව
විරහවටවත් වේලා නැතිවම
සොවට බියට නොව
විරහවටවත් වේලා නැතිවම
ආශ්වාදයකින් තවෙකකට පනිමි
ආදීනවය තුනී කොටලමි
මේ භවයෙහිම
මියෙමි උපදිමි
යළි මියෙමි
හිමියනි
බියෙහි බිය නොවන්නෙමි.
ශෝකයෙහි සෝ නොගන්නෙමි.
සංජීවයද සංඝාතයද
මෙයම කොටගෙන වසමි
No comments:
Post a Comment