Tuesday, May 29, 2018

:: සයන::

එළි වෙන්න පැය පහක් ඇත් දී
හදිසියේ නුඹ වත පිරික්සමි
ජීවිතේ දිග ඇඳුණු රේඛා
මගේ සතුටට හිලව් කරලමි

දකුණතේ පිටි අත්ල මත රැඳි
ආදරේ රස මසළු දකිනෙමි 
වැටෙන හුස්මක දුකක් ඇත්දැයි
සිවිලිමට නෙත් යොමා සවනෙමි

ප්‍රේමයේ දුර ගමන් ආ බව
අනිමිසය මැඳ හෙමින් හඟිනෙමි
අවදි වේ යැයි හීන් බියකින්
සවන අග රළු ලවන් තවරමි 

No comments:

Post a Comment