“
ඊර්සියා
කරන්න බැරි මිනිහෙක් ආලය
කරන්නෙ කොහොම ද?”
සිය
විරාගය කෘතියෙහි ලා මාර්ටින්
වික්‍රමසිංහයන් මේ පැනය අසන්නේ
එකදාස් නවසිය පනස් හයේ දී ය.
මේනකාගේ
මුවින්.
අරවින්ද
විසින් ප්‍රතික්ෂේප කරන ලද
සරෝජිනී සිය සැමියා ද සමඟ
නිවසට ආ දිනයේ දී.
කාලය
සමඟම ආලය යන වදන ආදරය හෝ ප්‍රේමය
යන වඩා පුළුල් අරුත් දනවන වදන්
වලින් විස්ථාපනයව සමාජ භාවිතයෙන්
දුරස්වෙමින් කුණුහරුපයක්
වේගෙන යමින් තිබුණ ද පෙර සමයන්හි
හුදෙක් ස්ත්‍රී පුරුෂ ප්‍රේමය
වෙන්කොට හඳුන්වාලීම සඳහාම
'ආලය'
යන
වදන යෙදී තිබිණි.
ආදරය
ප්‍රේමය හෝ සෙනෙහස යන වදන්
අපයෝජනය කෙරුමෙන් තොරව.
විරාගයෙහි
ලා වික්‍රමසිංහ මේනකාගේ මුවට
නංවන්නේ සැබෑවකි.
ආලයෙහි
විඳීම ඇත්තේ හිමිකරගැනීම තුල
ය.
ප්‍රහර්ශය
ඇත්තේ අයිති කර ගැනීම තුල ය.
මිනිස්
සන්තානයෙහි ආල හැඟුම් උපද්දන්නේ
ද පවත්වන්නේ ද හිමිකරගැනීම
හිමිකරගත් බව අනෙකාට දැනවීම
මූලික කරවමින්ම ය.
හිමිකරගනු
රිසි තැනැත්තා අහිමි වීම
නොරිසි වන්නේ ය.
නොඉවසන්නේ
ය.
තමාට
අහිමි වූ දෙය අනෙකකුට හිමි
වෙතැයි බිය වන්නේ ය.
අනෙකකුට
හිමිවනු දැක ද්වේෂ උපදවාගන්නේ
ය.
ඉරිසියා
කරන්නේ ය.
එහෙයින්
මම හිමිකරගනු රිසින් අයිතිය
දරනු රිසින් කෙනෙක් හෝ යමක්
කෙරෙහි ආශක්ත වීම ආලය යැයි
හඳුන්වනු කැමැත්තෙමි.
පුම
ඉතිරි වෙනසකින් තොරව.
ආදරයෙන්
වෙනස් ව.
ඒ
ආලය බැනුම් බනවන්නේ ය.
ගැටුම්
තනවන්නේ ය.
පිහි
ඇනුම් අන්නවන්නේ ය.
ඇසිඩ්
ගස්සන්නේ ය.
මිනී
මරවන්නේ ය.
පෙම්වතුන්
අතර.
අඹු
සැමියන් අතර.
මාපිය
දූ දරුවන් අතර.
සොයුරු
සොයුරියන් අතර.
නැන්දම්මා
ලේලි අතර.
මිතුරු
මිතුරියන් අතර.
තව
බොහෝ දෙනා අතර.
එතැනින්
නොනවතින්නේ ය.
මගේ
යන හැඟීම ද මිටින් ගෙන තව බොහෝ
මිනිස් සම්බන්ධකම් අතරට
පනින්නනේ ය.
මනැස්
අන්ධ කරවන්නේ ය.
රවටන්නේ
ය.
විචාරයෙන්
තොර වහලුන් තනන්නේ ය.
කලාවේ
ද දේශපාලනයේ ද වෙනසක් නැතිවම.
සිත්තැවුල්
තනන්නේ ය.
දුක්
දෙන්නේ ය.
කළකිරවන්නේ
ය.
ඒ
ආලය ය.
ඉරිසියා
කරවන ආඩම්බර කරවන ආලය ය.
ආදරය
ඉන් වෙනස් ය.
'
ආදරේ
යනු යන්ට දීමය
ආයේ ආවොත් ඉන්ට දීමය'
ආයේ ආවොත් ඉන්ට දීමය'
ආදරණීය
රසිකා ගුණවර්ධන දෙදාස් පහළොවේ
ජූනි දහ අටදා වළාකුළු අතර හිඳ
සමූහයේ දී අමා ජයසිංහ සොයුරියගේ
කවකට කමෙන්ටුවක් ලෙස ලියන්නී
ය.
සමාජජාල
අතර ද පත්තර පිටු අතර ද පොත්
අතර ද බොහෝ සිත් වල ද සටහන්
වන්නට පෙර.
එහෙම
ආදරයේ විඳීම් නැත.
විඳවීම්
ද නැත.
නිරාමිස
ය.
එහෙයින්ම
දුබල ය.
දුලභ
ය.
නමුත්
දුලභ දෙය වටින්නේ ය.
ඔබව
බබළවන්නේ ය.
ඒ
ආදරය සමනළයාට මතු නොව සමනළයකුට
රූපාන්තරණය වන දළඹුවාටත්
මලට මතු නොව මලින් තැනෙනා
ඵලයටත් එකසේ සම සිත පැතිරවීමට
ඉඩ දෙන්නේ ය.
ඔබේ
සීමා බිඳ දමන්නේ ය.
ඔබෙන්
ලෝකය ද ලෝකයෙන් ඔබ ද මුදවාලන්නේ
ය.
No comments:
Post a Comment