Sunday, August 5, 2012

:: Chest Vs Breast ::












ඇය. අඳුරු පැහැ තරප්පුවෙන් බැස ආවාය. අළු පැහැති බ්ලව්සයක් වීදුරු පැහැ පටි දෙකකින් රඳවාගෙන. සෙනෙහසින් සිනාසුනාය. මගේ දකුණින් හිඳ ගත්තාය. සිය වමතෙහි ඇඟිලි මගේ දකුණතෙහි සැඟවූවාය. වීදුරු නෙත් දෙකින් මාදෙස බැලුවාය.

මම. සිත තදකොට සිරකලෙමි.
“ඔයාට කියන්න දෙයක් තියෙනව“

ඇය. හිස ඇලකොට මාදෙස බැලුවාය. වීදුරු දෙනෙතින්. කියන්නැයි සන්කලාය.
ගලක්. උගුරෙහි සිරවෙනු දැනුනි.

“මට ඔයාව බඳින්න බැහැ....!“
මම. උගුරෙහි වූ ගල පුපුරා ලූයෙමි. එහි හඬින් ඇය සලිතව යනු දුටිමි.

“ ඇයි...?“
 ඇය ඇසුවාය. සෙමෙන්. දෝංකාරය පහවගියපසු.

“ මට වෙන කෙනෙක් ඉන්නවා...!“

ප්‍රශ්න. පිලිතුරු. පැහැදිලි කිරීම්. කිසිවක් නොවිණි.
ඇය නැගිට්ටාය. තරප්පුව නැංගාය. හරියටම පඩි හතකට පසු ආපසු හැරුණාය.
මාවෙත ආවාය. යලි දකුණින්ම හිඳ ගත්තාය. දොරට පිටින් ඇති ඇල්බීසියා ගසදෙස බලාගත්වනම සිටියාය.
අනතුරුව හඬ අවදි කලාය. බැල්ම වෙනස් නොකරම.

“ මටත් කෙනෙක් හොයල දෙන්න...!“
සංසුන්ව කීවාය.

මම. කලබල වෙමින් සිටියෙමි.
ඇය. මට ඉඩ නොතබා දෙඩුවාය. නොසෙල්වී. ඇල්බීසියා ගස දෙසම බලාගෙන.

“ බ්‍රෙස්ට් වල මවිල් නැති කෙනෙක්...!“

මම. පිපිරී ගියෙමි. පිපිරුම් හඬ කෙඳිරියක්ව පිට කලෙමි.
“ පිරිමින්ට බ්‍රෙස්ට් නැහැ. තියෙන්නෙ චෙස්ට් එකක්..!“

ඇය. එකවරම කෙලින් සිටගත්තාය. එක එල්ලේ මාදෙස බැලුවාය.
වීදුරු ඇස්. ගිනි ගනිමින් තිබිණි. වීදුරු පටි. උරහිසෙහි මස පෙලමින් දිලුණි.

“ බ්‍රෙස්ට්...! හරිද...? ඒක චෙස්ට් වෙන්න ඊට යටින් තව දේවල් තියෙන්න ඕනෙ..!“

6 comments:

  1. “පිරිමි හරි ආත්මාර්ථකාමී “ මම කීවෙමි.
    “ඔවු.... පිළිගන්නවා “ ඔහු ඇසෙන නෑසෙන ගානට කීවේ ය.
    ඔහු එය ඵිලිගැනීම ගැන මසිත උරණ වුයේ එය මීට පෙර කිසිවකු විසින් ඔහුට සොයා දී ඇති නිසා වන්නට ඇත.

    මම පහත් වී ඔහුගේ සිහින් දෑසට එඹුනෙමි.මා මඟ හරිමින් සිටි ඇස් මදෙස හරවනු වස් නිකටින් දැඩිය අල්ලා එසෙව්වෙමි.

    අනිත් අතේ දබර ගිල්ල ඔහුගේ නාසයට ළං කළෙමි.

    “ එහෙනම් දැන ගන්නවා.මටත් කෙනෙක් ඉන්නවා“

    ඔහු සලිත වී යනු දැනුන මා හද ප්‍රීතියෙන් පිනායත්ම යළිත් වරක් හැරී නොබැලූ මම පිය ගැට පෙලෙහි අඩි මඟ හරිමින් නැග ගොස් ඔහුට නොපෙනෙන ලෙස දෙවන තට්ටුවේ ජනේලයෙන් වහ වහා පිට වූයෙමි.

    ඔහු විවාහ වීදැයි නොදන්නා මුත්.
    මම තනිකඩ බව ඔබට කියමි.

    ---------------------

    මරු කතාව අනිල්........දිණමිණ බලාන ඉන්නවලු.

    ReplyDelete
  2. :) හිතන්න දෙයක්...

    ReplyDelete
  3. ස්තූතියි තුන්දෙනාටම.... :)

    ReplyDelete
  4. ada tamai mama me blog 1 follow karanna gathta palaweni dawasa...Thank you all.. mama hoyapu de hambuna..dan mata danenawa mama jivath wenawa kiyala..

    really a nice story.

    ReplyDelete