Sunday, August 19, 2012

:: පරනිම්මිත ::















පුත බ්‍රහ්මදත්තය
මේ මහා අග්නි විවරය
නුඹ දෙපල දෙපසකට වන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා භද්‍ර කල්පය
පෙර ලෙසම යලි නොවන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා කාල වනපෙත
හැරී ආ මං පෙත් වසාලන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා කෙලෙස් හීසර
මතක විසගෙන හදෙහි අමුණන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා කර්ම සංස්කාරය
නිර්මාණරතියක සිරව සැඟවෙන

පුත බ්‍රහ්මදත්තය
බලව සැනහෙව
ඒ නිර්මාණරතියෙන් තැනෙන
පරනිම්මිත වසවර්තිය ......!

2 comments:

  1. භාෂාව මන් පොඩි එකාට නම් ටිකක් ලොකු වැඩිය.කොහොම උනත් පෝස්ටුව අගනේය :)

    ReplyDelete
  2. පුත බ්‍රහ්මදත්තය
    මේ මහා අග්නි විවරය
    නුඹ දෙපල දෙපසකට වන

    මේ මහා භද්‍ර කල්පය
    පෙර ලෙසම යලි නොවන
    මේ මහා කාල වනපෙත
    හැරී ආ මං පෙත් වසාලන
    මේ මහා කෙලෙස් හීසර
    මතක විසගෙන හදෙහි අමුණන
    මේ මහා කර්ම සංස්කාරය
    නිර්මාණරතියක සිරව සැඟවෙන

    පුත බ්‍රහ්මදත්තය
    බලව සැනහෙව
    ඒ නිර්මාණරතියෙන් තැනෙන
    පරනිම්මිත වසවර්තිය ......!

    ReplyDelete