Monday, July 30, 2012

:: සාරුවා ( වගේ දේවල් - The 'things' like) Saaruwaa ::














වගක් නැතිසේ ඉන්නෙ කොහොමද...?
බලන් ජනගඟ රුකුල් දෙන මට.
දන්නවද ඔබතුමා මං ගැන...?
සියක් නැලවූ පුතයෙක්මි මම.

දුවෙක් සිටිනා වයස විසිදෙක
පෙමට ආ වුන් පස් දෙනෙක් විය.
බැලුම් හෙලුයේ මගේ දුවණිට
කඩා ලූයෙමි අත් කකුල් මම.

ඔය කියන කෙල්ලන්
පමණට වඩා වැඩුණෙන්
ඉරුණු රෙදි ඇන්දෙන්
තමයි සිදුවුණෙ මේ පරිද්දෙන්.

මට මෙහෙම වූවොත්
දුවට නෑ සරණක්.
නිදොස් වෙන්නම බැරිනම්
පිලිගනිමි දැඩි දඬුවමක්.

මින් මනත අයි ඩී බලන්නම්
වැඩී එනතුරු බලා ගන්නම්.
ඇවැසි නම් මේ අහ එවන්නම්
හතර පෝයට සිලුත් ගන්නම්.
තුවක්කුව මං අරන් යන්නම්.....!

4 comments:

  1. සුපිරි. දෙපාරක් කියෙව්ව. "උගේ දෘෂ්ටියෙන්" ලියපු ලිවිල්ල නියමයි.

    ඔය කියන කෙල්ලන්
    පමණට වඩා වැඩුණෙන්
    ඉරුණු රෙදි ඇන්දෙන්
    තමයි සිදුවුණෙ මේ පරිද්දෙන්.

    හරි. ඒක තමයි හේතුව.

    ReplyDelete
  2. අපූරුවට ගලපලා සහෝ..:)

    ReplyDelete
  3. ස්තුති රාජ් ලින්ක් එක දැම්මට..

    නියම පද පෙල.. ජය පතමි.. !

    ReplyDelete