නුඹේ තොට අස නැඟුම් ලනු පෙර
බොහෝ තොටුපළ පසුකලෙමි මම්
විටෙක මුදු විය විටෙක සැඩ විය
ඒ සියල් මඟ බිඳුණු තැන්
සිතුවමක හිස් ඉඩ පිරී ඇත
නේක වර්ණෙන් නොම වුවත්
එකම එක පැන්සල් ඉරක් වුව
බිඳ දමාලයි හද නිවන්
යළි පාන්නට හෝ ලබන්නට
අත ඉතිරි නැත ස්නේහයක්
ඔරුව මා වෙමි සැඩෙන් ගැලවී
සදා නුඹ අස සුව සොයම්
No comments:
Post a Comment