කපා ගෙන ගොස් කමත අතුරා
හලාගෙන තම අග්‍ර සාරය
අසුරවා ගැට ගසා මලු තුල
රැගෙන යත් දී උදාරම් ලෙස
වැලඳගෙන ඉපනැලින් බිම වට
හීන් කඳුළැලි දිය බිඳිති කැළ
අරෝවක් තරහක් නොමැතිවයි
ඔහේ උන්නේ මහ ලියැදි පෙල
අව් රැසින් වියළී බිඳී ගොස්
සුළං රැළි හා හාද වී ගෙන
යළිත් එන හැම පිදුරු කොටයම
පාරවයි ඒ ලියැදි හදවත.
No comments:
Post a Comment