ඇය.
බොහෝ ලස්සන නොවූවා ය. කොහෙත්ම කැතනොවූවා ය. එතරම් කථා නොකලා ය. බොහෝ සිහින දුටුවා ය. ඒ සියල්ල වම් කෝෂිකාවට යටින් තැන්පත් කර ගත්තා ය. අනායාසයෙන් ම. ඇයටත් නොදැනී.
ඔහු.
අඩි පහයි අඟල් නවය හමාරක් උස වූයේ ය. රෙඩි මේඩ් කමිස ඇන්දේ ය. එහෙයින් පපුව හා උදරයේ මිමි නොදත්තේ ය.
ඔවුහු.
වර්ණයෙන් තළෙලු වූහ. වීර කථාවක් අවසානයේ පෙම්වතුන් වූහ. බස් රියක් පසුබිම් කොටගත්. සෙනඟ පිරුණු දිනයක. සරමක් ඇඳි මහල්ලෙක් දුෂ්ඨයෙක් වුණ. සිය වම් අතින් ඇගේ ඩෙනිමේ ඝනකම සොයන්නට ගිය.
ප්‍රේමය.
දකුණතේ සුලැඟිල්ලෙන් ඇරඹී මහා ප්‍රාචීරය ආසන්නයේ බොහෝ කලක් සිරවී සිටියේ ය. අනතුරුව වම් පයේ සුලැඟිල්ලෙන් බැස ගියේය. උද්‍යානයට පොලිසියෙන් පැන පැය අසූ හතකට පසු.
එතැන් සිට.
ඔහු කථාව අඩු කලේ ය. ඇය ගේ කථාවද අඩු කරමින්. ඒ වෙනුවට. ඩෙනිම් වල බර කිරන්නට වැඩි කාලයක් වෙන් කලේ ය. ඩෙනිමක් වෙන්නට යත්න දැරී ය. ඇය මැටි අච්චුවක් වූවා ය. හැරෙන නැවෙන දිගහැරෙන. නමුත් ප්‍රතිචාර නොදක්වන. පසුව බෝනික්කියක වූවාය. තිරසට තැබූ සැනින් නෙතුපියන.
ඔහු.
නොසන්සුන් වෙමින් සිටියේ ය. බෝනිකි නිමේශයන් හිදී වඩා දහදිය වැගිරුවේ ය. හොඳම මිතුරාගේ කීමට පෙති බිව්වේ ය. රටඉඳි කෑවේ ය. බෝනික්කන්ට පන දෙන අයුරු ගැන පොත් කියෙව්වේ ය. අන්තර්ජාලය පීරා සෙව්වේ ය. කථාව තවත් අඩුකලේ ය. කෘෂ වන්නට පටන් ගත්තේ ය.
*********************************************************************************
අගුල.
වෙනදාට වඩා සියුමැලි අතකින් කැරකුණේ ය. වැසුණේය.
ඔහු.
මුලින් ඇඳ මත වැටුණේ ය. ඇය විසින් තල්ලු කරනු ලදුව. මෘදු ලෙස.
අනතුරුව ඇයට ඉඩදී බලා සිටියේ ය. සිය දෙපා හා දෑත් ගැට ගසන තුරු. විශ්මයෙන් ප්රහර්ෂයට පත් වෙමින්.
ඇය.
මුලින් ඔහුගේ නාසය ඉම්බා ය. අනතුරුව ලවන්. ඉන්පසු බෝනිකි වෙස අත්හරිමින් බොහා් දෑ කලා ය.
ඔහු.
සියල්ල අවසන් කලේ ය. වෙනදාට වඩා ඉක්මනින්. අතපය බැඳ තිබියදී ම.
ඇය.
ඔහුගේ දෑසට එබුණා ය. පපුව මත කඩා වැටුණා ය. දහදිය සේදෙන්නට තරම් හැඬුවා ය. අනතුරුව හඬ අවදි කලා ය. මුක්කන් ස්වරයෙන්.
" ඔයා දන්නවද? අද වැලන්ටයින්. මට තෑග්ගක් කෝ "
ඔහු. විපිලිසරව ගියේ ය. තැතනී ය. අත ලිහාගන්නට යත්න දැරී ය.
ඇය. ඔහුව වැලැක්වූවා ය.
" වෙන තෑගි එපා. අද දවසම මාත් එක්ක කථා කර කර ඉන්න පුළුවන් ද ? "
පැටලිලි සහිතයි. ඒ වුණාට ඉද්රිපත් කර ඇති ආකාරය නම අනර්ඝයි.
ReplyDeleteමේක වෙනස්ම ලියවිල්ලක් වචන ගොඩක් නැති ඒත් ලොකුම ලොකු කතාවක්.පටලිලිතැන් නැතිවම නොවෙයි... ඒත් නියමයි... :)
ReplyDeleteඅනිල්ගෙ සිග්නේචර් ලියවිල්ල... මං ඒත් කියන්නත් හිටියේ වැඩියෙම ඒකාකාරී රටාවකට ලියන්න එපා කියලා... ඒත් මේකට නම් මම කැමතියි...
ReplyDelete//පසුව බෝනික්කියක වූවාය. තිරසට තැබූ සැනින් නෙතුපියන//
අගනා යෙදුමක්, බොහෝ දේ කියනවා...