:: අරුම::
ප්‍රේමය අරුමයක්මය
ලෙහි හොවා නැලවෙන
නෙත් අතර පැටලෙන
මුදු සිනහ වැපිරෙන
ප්‍රේමය අරුමයක්මය
උණුසුමට ගුලිවන
සත් බියෙන් අත්මිදෙන
ලොවම අතැඹුල කරන
ප්‍රේමය අරුමයක්මය
නෙත කැළුම වත එලන
වත සුවඳ සිත පුරන
සිත සුසුම දසත ලන
ප්‍රේමය අරුමයක්මය
නියත වියොවක්ම දැන
එහිම ගැලෙමින් ඇලෙන
දිවිය ඒ මත වියෙන
අනිල් ආපහු බ්ලොග් එකේ ලියන්න ගත්ත එකට සතුටුයි.....
ReplyDeleteහොදයි නේ...
ReplyDeleteස්තූතියි තිසර, දේශක යා.
ReplyDeleteමේ දවස්වල මං ලියන දේවල් ගැන මටම සෑහීමක් නැහැ. ඒ නිසයි එක දිගට නොලියා සිටින්නේ.