Wednesday, January 8, 2014

:: ඩීල් ::


 
 
 
 
 
 
ගම !
අනුරාධපුරේ
මොනරාගලත් වෙන්න පුළුවන්

ඇවිත් !
අවුරුද්දයි
නැහැ ගියමාසෙ
තාම අළුත්

ඇයි !
රවට්ටලා
ඒක නෙවෙයි
මිනිහ බෙබේ
බීල මලා.

පව් !
ඔව් එහෙමයි
පව් තමයි
මොකට අහනවද
ආ වැඩේ නොකර

මහත්තයො!
ඉඹින්නෙපා බෙල්ල
විකුණන්නෑ ඒ හරිය.

6 comments:

  1. ලොවෙත් සුපිරි..

    බෙල්ල ඉම්බොත් බැදීම් වැඩිවෙනව නොවැ..

    ReplyDelete
  2. මේ මහත්තයෝ ආවනං වැඩේ කරගෙන යනවා අනං මනං අත නොගා.. හැක්.. එළ

    ReplyDelete
  3. ස්තූතියි තුන් දෙනාටම....! :)

    ReplyDelete
  4. //ඉඹින්නෙපා බෙල්ල
    විකුණන්නෑ ඒ හරිය.//

    අනිල්, මෙන්න මේ කොටසින් කියවෙන කතන්දර ගණනාව නම් අපූරුයි. සමහර විට කලින් පෙම්වතෙකුගෙන් ලැබුණු ආලිංගනයක් සිහිවීම, මෙය කිසිම හැඟීමකින් තොරව ජීවිකාව පිණිස පමණක්ම කරන දෙයක් බව කීම, ඇඟ විකිණුවත් අනාගතයේදී හෝ යම් කෙනෙකුගෙන් ආදරයක් ලැබේ යැයි සිතා යම් පෞද්ගලිකත්වයක් ඉතිරි කර ගැණීමට උත්සහ දැරීම... මේ සියල්ල පේළි දෙකෙන් දක්වා ඇති අයුරු නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. තිසර, මාත් මුලින් හිතුවේ මේ කොටස විතරක් කෙටි කවියක් විදිහට ලියන්න. නමුත් මට ඇයව ශාන්තුවරියක් කිරීමට අවශ්‍ය නොවුනු නිසා මුල කොටස එකතු කලා.

      Delete