Thursday, January 9, 2014

:: තිත ::





















කම් නැත
මගේ නම නොවුණාට
දුක නැත
කවරය තැලුණාට
අනැවැසිය
මල් ගෙත්තම් බැමි

හැකිනම් එවන්න
එකම එක ඇරයුමක්
නමද තැනද සටහන්කර
වේලාව කළුයෙන් වසා

දරන්නට නොහැකියි තවත්
බලාපොරොත්තුවේ මේ මහාබර

4 comments:

  1. මොකට දරණවද මේ බර
    එය බරක් බව දැනගෙනම

    ReplyDelete
    Replies
    1. පෙර කරුම
      තවම නිවනක් නැතිව :)

      Delete
  2. මොන හේතුවක් නිසා හරි මට සිහිවුණේ අවසන් ගෞරව, සමුගැනීම් නොලබාම මිය යන මිනිසුන් ගැන. යුද්ධයකින්, ස්වාභාවික විපතකින් හෝ පැහැරගැනීම්, මිනීමැරුම් වලින් මිය ගොස් මිනිය වත් දකින්න බැරිව ගිය අයගේ පවුල් වලට, ඥාතීන්ට, මිතුරන්ට කිසිමදාක හිත හදාගන්න අපහසු යම් 'බලාපොරොත්තුවක්' වගේ යමක් ඉතිරි වෙනවා කියලා මට හිතෙනවා. අවසානයක් දැකීම (තිත ) ඒ ජීවත්ව ඉන්න අයට තව දුරටත් ජීවත්වෙන්න ලොකූ උදව්වක් වෙනවා...

    ප්‍රේමය පිළිබඳවත් මේ කාරණය සත්‍යයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත තිසර.
      බලාපොරොත්තුව අපව ජීවත්කරවනවා කිව්වට, වෙලාවකට බලාපොරොත්තුව මොනතරම් බරක්ද?

      Delete