Wednesday, November 7, 2012

:: තාර මිනිසුන් ::

















පාරවල් වන් මිනිසුන්ද ඇත...!
බොරළු ගල් සඟවාන
මටසිළුටු තාරයෙන් හිනැහෙන.
ටයර පා රිදෙතැයි
තව තවත් ගෙවී මුදුවෙන.

පාරවල් වන් මිනිසුන්ද ඇත...!
තුනී තනි වැස්මකින්
පැරණි වලවල් වසාලන.
කැඩී සුන්වී ගියද
මඟ දමා දුර නොයන.

පාරවල් වන් මිනිසුන්ද ඇත...!
තැලී පොඩිවී වුවද
ඉමක දුර රැගෙන යන.
මඳහසක් වෙනුවට
දුම් රැසින් තුති ලබන.


2 comments:

  1. ඔන්න මගෙත් අදහසක් එකතු කලා... අගෙයි කවිය... ඉදිරි කවි බලන්න ආයෙ එන්න ලකුණු කලා.

    පාරවල් වන් මිනිසුන්ද ඇත...!
    බොහෝ දුර ගෙවා යන
    මග ලකුණු දැන හැඳින
    ගමන දුෂ්කර වුවද
    සුන්දරම බව සිතන...

    ReplyDelete
  2. ස්තූතියි තිසර.
    ආවාට වගේම අදහසටත්.

    ReplyDelete