Wednesday, November 21, 2012

:: ලේ සහ කඳුළු ::










කඳුළු....!
මිණි කැටව බිම වැටිය යුතුමය
ස්නේහ පැතුමෙන් විලිබරව මිස
ගාසාහි මෙන් මර බියෙන් නොව

ඇස්....!
විවර වී මඟ බැලිය යුතුමය
මාපියන් මඟ එත්ද වග මිස
අහස බිඳ එන ගිනි පුලිඟු නොව

කඳුළු...!
නෙතඟ දිලිසී තිබිය යුතුමය
ප්‍රේම පහසින් ඔකඳවී මිස
තල් ගසක් යට වෙව්ලමින් නොව

දෙපා....!
ජවය යොදමින් දිවිය යුතුමය
වසත් සමයෙක කෙළිදෙලෙන් මිස
ක්‍රෑර අවියක ගිනි බියෙන් නොව

කඳුළු...!
කොපුල් රූරා ගැලිය යුතුමය
පිය සම්පයෝ තුටින් මිස
මැරුණු මවුපිය නැති සොවින් නොව

ලේ.....!
නහර සූරා ගැලිය යුතුමය
සිය දරුට කිරි බිඳක් වී මිස
නිසරු පොළවක පොහොර වී නොව

3 comments:

  1. අදමයි වගෙ මෙ පැත්තට ගොඩ වුනෙ
    කඳුළු...!
    කොපුල් රූරා ගැලිය යුතුමය
    පිය සම්පයෝ තුටින් මිස
    මැරුණු මවුපිය නැති සොවින් නොව
    මෙ මගෙ හිත රැඩුනු තැන ජය

    ReplyDelete
  2. ස්තූතියි සචිත්...!

    ReplyDelete