ප්‍රේමය අරුමයක්මය
ලෙහි හොවා නැලවෙන
නෙත් අතර පැටලෙන
මුදු සිනහ වැපිරෙන
ප්‍රේමය අරුමයක්මය
උණුසුමට ගුලිවන
සත් බියෙන් අත්මිදෙන
ලොවම අතැඹුල කරන
ප්‍රේමය අරුමයක්මය
නෙත කැළුම වත එලන
වත සුවඳ සිත පුරන
සිත සුසුම දසත ලන
ප්‍රේමය අරුමයක්මය
නියත වියොවක්ම දැන
එහිම ගැලෙමින් ඇලෙන
දිවිය ඒ මත වියෙන