ඔබ මත්ව සිටිය යුතුය නිතර. එයම වේ එකම මඟ. ඒ සඳහාම වූ මඟ. කොඳු කඩා දමා මහාපොළොවට ඔබව නවා තදකර තබනා කාලයේ විසල් බරෙන් මිදෙන්නට නම්, ඔබ නොකඩවා මත්විය යුතු ම ය.
නමුත් කුමකින් ද? ඔබ රිසි ඔබට රිසි ඕනෑම විධියකින්. වයින්වලින් කවියෙන් හෝ ගුණයහපත් කමින්; ඔබ මත්ව සිටිය යුතු ම ය.
ඇතැම් විටෙක සිඳී ගිය හෝ සිඳීයමින් පවත්නා මතක් හා ඔබ ඇහැරුණොත්; මන්දිරයේ පියගැටපෙළ මත හෝ අගලක පැතිරි කොළපැහැ තණ මත. ඔබේ කාමරයේම ශෝකජනක හුදකලාවෙන්. පියාඹන මොරදෙන පෙරලෙන දොඩවන ගී ගයන සියල්ලෙන් අහන්න, සුළඟෙන් රළෙන් තරුවෙන් විහඟකුගෙන් හෝ හෝරා යන්ත්‍රයෙන් අහන්න. “ මේ කුමන වේලාවක් දැ" යි. සුළඟ ද රළ ද තරුව ද විහඟා ද හෝරා යන්ත්‍රය ද පිළිවදන් දෙනු ඇත. “ මේ මත්වන්නට වේලාවයි! කාළයේ වහලකුව දිවිපුදනු වෙනුවට, මත්වන්න, නොකඩවා මත්වන්න! ඔබ රිසි ඔබට රිසි ඕනෑම විධියකින්. වයින්වලින් කවියෙන් හෝ ගුණයහපත් කමින්.”
Be Drunk - by Charles Baudelaire
https://poets.org/poem/be-drunk
පලි. Drunk යන්න හිතාමතාම මත්වීම ලෙස පරිවර්තනය කර ඇත.
No comments:
Post a Comment