Tuesday, December 6, 2016

:: පැන්සල් හා බර ::

කැඩෙන තරමට උල්වුණාම යි
පැන්සලක් ඇනෙන්නේ ගැඹුර ට
පෙනෙන මානෙට ලංවුනාම යි
සැර දැනෙන්නේ වා කපොල්ල ක

හිස් වෙන්න මොහොතකට පෙරදි යි
බෝ වටින්නේ බඳුන් ලූ මධු
ශුන්‍යයට ඩිංගක් මෙහායින්
පිහිටුවා ඇත බර වැඩිම තැන

1 comment:

  1. ////හිස් වෙන්න මොහොතකට පෙරදි යි
    බෝ වටින්නේ බඳුන් ලූ මධු //////

    සහතික ඇත්ත බොස්.....

    ReplyDelete