Friday, April 10, 2015

::අඹ මල් සහ බෝට්ටු ::

සොඳුර,
ඒ මහා වැස්සට
අඹ මල් බොහෝ වට බව සැබෑය.

නමුත්,
ගස නොකපනා තාක්
තව බොහෝ මල් පිපෙනු ඇත.

ඉඳින්,
කඳුළු පිසදා එන්න
රැඳි දිය කඩිති මත
කඩදාසි පා කරමු.

1 comment:

  1. ගස නොකපනා තාක්
    තව බොහෝ මල් පිපෙනු ඇත.
    ගස නොකපනා තාක්!!!!!!!!

    ReplyDelete