Thursday, December 26, 2013

:: සුනාමි මතක ::












සිඳු පතුල සැඟව ගිය
වැලි අතර පැතිර ගිය
රළ මතින් නැඟී එන
අඳෝනා මැකී නැත

කටු කම්බි ඇණී ගිය
මුල් වැදී ඉරී ගිය
දුවද්දී තැලී ගිය
සිත් තවම ඔද්දල්ය

එකුන් දස වස වුවද
අද මෙන්ම මතක ඇත
ගිය උන්ද හිඳි උන්ද
තලා ලූ මහ දියඹ

පහන් පූජා නැතිය
සෙත් කවිත් අද නැතිය
කාලයේ සුනාමිය
වසා ඇත ඒ මතක

මුල් කඩා වීසි කොට
පැතුම් මත රෝපිත
ටකරමින් සෙවණ ලද
පාවෙනා ජීවිත

ගිය උන්ද හිඳි උන්ද
දයාවෙන් සිහි කරමි
දසවසක් වෙද්දිවත්
නිදුක් වේ වැයි පතමි.

2 comments:

  1. සුනාමිය ආ අලුත නම් මාධ්‍ය ආයතන, පන්සල්, පල්ලි හැම එකක්ම ඉදිරිපත් වෙලා ආධාර කලා. නමුත් කල් පවතින වැඩ පිළිවෙලක් ගෙනියන්න පුළුවන් රටේ පරිපාලන යාන්ත්‍රණයට විතරයි. හැම දෙයකදිම වගේ අපි එතැනදිත් අසාර්ථකයි.

    ReplyDelete
  2. සහතික ඇත්ත තිසර. ඒ විතරක් නෙවෙයි අපේ ජනතාවාදී මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ට දැන් මේක තත්පර තිහක - හැටක නිවුස් අයිටම් එකක් විතරයි.

    ReplyDelete