Friday, August 2, 2013

ඔබේ කවුරුත් නොවුණු පවට....!
















හාංදුනේ අපි..!
කර මතින්ම ඉහලාගෙන
උදේ රැයින් ගහපු කතිර
ලක්ස ගණන් දීපු වගට
කෙලෙහිගුණේ ඇති කියලයි
දවස් ගණන් මාස ගණන්
මේ ගිනි දිය බිබී උන්නෙ
හාවක් හූවක් නැතිවම

සමාවෙන්න ගැත්තන් හට
දෙවියන් වග සිහි නොවුණට
කාසි මිසක වෙන පඬුරක්
නැතිව දැකුම් ඉල්ලුවාට
දේව අණින් තැනුන දෙයම
නසනැයි යුක්තිය පැතුවට

හාංදුනේ අපි..!
සිහි කෙරුවේ ඔබ මහිමය
ඇඟ දාගෙන ගලන වතුර
අසාධාරණැයි සිතමින
යුක්තියටම කැපවුණ ඔබ
කැමරාගෙන පෑනුත් ගෙන
අපේ පසින් හිඳ ගනිතැයි

සමාවෙන්න ගැත්තන් හට
වරුගාණක් පැයගානක්
එයාටයිම් වෙන්කෙරුමට
පිටු ගාණක් මුල් හෙඩිමක්
කඩදහි කොල වියදන්නට
අප වටිතැයි අප සිතුවට
අපෙ ජීවිත අපිට මිසක
වෙළදපොලක නොවටින බව
මොලගෙඩියට නොදැනුනාට

හාංදුනේ අපි..!
සාර දුකක් උහුලාගෙන
මාස ගණන් දුක්විඳගෙන
හැම තැනටම ගාටාගෙන
බැරිම තැනයි මඟට බැස්සෙ
වතුර පොදක් ඉල්ලාගෙන

සමාවෙන්න ගැත්තන් හට
සුව නින්දට මඳි වුණාට
ඩා බිඳුවක් මඟ හැලුනට
රෑ බත් ටික ඇල් වුණාට
රති කෙලියට පහු වුණාට

5 comments:

  1. දැං ඉතිං කරෙන් බැහැපන් බිමට කියලයි කියන්න තියෙන්නෙ!

    ReplyDelete
  2. මෝට හැ*** ප්‍රජාතන්ත්‍රවාදේ

    ReplyDelete
  3. අනේ හාන්දුනේ සමාවෙලා බැහැපං කරෙන් බිමට
    උරපත්ත ඔක්කෝම රිදෙනවා නැතිවෙන්නම

    ReplyDelete
  4. ඔව් මාත් දැක්කා, මව්බිමට ජය පතන කීප දෙනෙක් කියලා තිබ්බා, මෙච්චර වියදම් කරලා හදපු පාරවල් වහපු එවුන්ට ඔහොම තමයි කරන්න ඕනේ කියලා. මිනිස්සුන්ට පාරට බහින්න සලස්වපු කාරණා ගැන හිතන්නේ නැහැ. අනික මේක පැහැදිලිවම ජනතා විරෝධයක්, මෙතන සිද්ධවුණේ දේශපාලන පක්ෂයක උද්ඝෝෂණයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. තිසර මට ලොකුම ප්‍රශ්නෙත් ඔය කාලකණ්නි මිනිස්සු ටිකමයි.
      උන් කියන්නෙ උන්ගෙ ආතල් කඩන්නෙ නැතිව, උන්ගෙ සාමකාමී ජීවිත රටාවට බාධා නොකර විරෝධය දක්වන්න කියලයි. හැබැයි උන් අමතක කරනවා පාර වහනකම් මේ විරෝධය කාටවත් තදට දැනුණෙ නැති බව.

      තවත් මිනිහෙක්ව නොදැනෙන, මේ කාලකණ්නින් ගැන නමි මට තියෙන්නෙ පුදුම කලකිරීමක්.

      Delete