Wednesday, January 23, 2013

:: දෝ(මි)ණි ::






දනිමි දැන්....
ප්‍රේමයක් ඇති බව
සඳ එළිය සේම පිවිතුරු
සෙනෙහසක් ඇති බව
එතරම්ම මහරු

දකිමි මම්
දෙවඟනක් මිහිපිට...
පෙර මතක හකුලා
පරසක්වලෙහි ලන
නේක මුදු තෙපුලුන්
විසුළුබස් කරවන
එදා රූ සොඳුරන්
වැඳිරි වෙස් ගන්වන


විඳිමි මම්
ප්‍රේමයක් දෙව්මය....
කටහඬට දිලෙනා
නෙත් දෙකක් අබියස
පපුතුරේ සැඟවෙනා
හිමිකමක් උරුමව
සුසුමටත් සැලෙනා
හදවතක වහලකුව

2 comments:

  1. මගේ සුභ පැතුම් අනිල්... මම හිතනවා ඔබගේ සැබෑ අත්දැකීමක් උඩයි මේ කවිය ලියවුනේ කියලා.

    පිය පදවිය ලබපු කෙනෙක් හැටියට මටත් ඔබ සමඟ ඉඳුරාම එකඟ වෙන්න පුලුවන් දෙයක් තමයි, ආදරය, ප්‍රේමය කියන වචන වලට පුදුම බරක්, ගැඹුරක් එක්කරන අවස්ථාවක් තමයි පිය පදවිය ලැබීම. අපි තමන්ගේ පෙම්වතා/පෙම්වතිය වෙනුවෙන් කරන්න සූදානම්වෙලා හිටපු කැපකිරීම්, අපේ දරුවෙකු වෙනුවෙන් ඊට වඩා දසදහස් ගුණයකින් කරන්න පුළුවන් බව එක පාරටම අපිට අවබෝධවෙනවා. මම හිතන්නේ ඔබ මැද කොටසින් කියන්නේ ඒ ගැන..

    මමත් පුතා ලැබුණු වෙලාවෙ කවියක් ලියන්න උත්සහ කලා, නමුත් මගේ හිතේ හැඟීම ඒ ආකාරයෙන්ම දැනෙන විදිහේ දෙයක් ලියාගන්න මට බැරි උනා.. ඔබගේ කවියේ අවසාන කොටසින්... ඔබ බොහොම ලස්සනට ඔබේ හැඟීම විස්තර කරනවා.

    //සුසුමටත් සැලෙනා
    හදවතක වහලකුව//

    මේ වචන හතරෙන් කියන දේ... විස්තරකරන්න වචන මදි...

    ReplyDelete