Sunday, May 1, 2011

:: කොයියෝගේ වෙරෝනිකාට::



වෙරෝනිකා..!
විසිකරන්න ඔය පෙති ටික
එන්න ආපහු පියෙද්රා ගං ඉවුරට

මෙතැන ඉන්නවා අපි හුඟක්

දනියාරුයි ජමීලයි

රතු රෝස මලයි
නයිටිංගේල් කුරුල්ලයි

ප්‍රීතිමත් කුමරයි
පුංචි වැහි ලිහිණියයි

දස්කොන් අතගත්
ප්‍රමිලා දේවියි

සිරිපාලයි රං මැණිකයි

මෙතැන ඉන්නවා තව හුඟක්

වෙරෝනිකා..!
එන්න ආපහු පියෙද්රා ගං ඉවුරට
ආයෙත් වැලපෙමු මෙතැන ඉඳන්
මැරෙන තරම්ම අමාරු නැහැ ආදරය.........!



ප.ලි:
මුලින්ම ලිව්වෙ මූණුපොතේ. මෙතනින් බලන්න, අනෙත් අය වඩා ​අර්ථවත්කල මගේ අදහස.

4 comments:

  1. නියමයි සහෝ.....
    වෙරෝනිකා... මටත් කවදාවත් අමතක නොවන චරිතයක්.....
    මාව කණපිට ගහපු පොතක්....

    ReplyDelete
  2. .
    ස්තූතියි චාමි.
    මාස ගාණකට කලින් කියෙව්වත් තාම වදදෙනව. ඒ නිසාමයි ලිව්වෙ.
    ඇත්තටම දැණුන චරිත කීපයෙන් එකක්.

    ReplyDelete
  3. harima lassanai ane...godak lassanai.....

    ReplyDelete