Sunday, April 17, 2011

හිස්

එකම ඉරක්වත් නැති සුදුම සුදු කැන්වසයක්.
එකම තරුවක්වත් නැති කළුම කළු අහසක්.
එකම පැලයක්වත් නැති දිගම දිග බිම්කඩක්.
මොනතරම් හිස්ද ?

කැමති පැත්තට හැරෙන්නට හැකි - කැමති රුවකට ඇඳෙන්නට හැකි.
කැමති තැනකට පෙනෙන්නට හැකි - කැමති සඳකට නැගෙන්නට හැකි.
කැමති තැනකින් හිඳින්නට හැකි - කැමති ගසකට හැදෙන්නට හැකි.
හිස්කම, මොනතරම් නිදහස්ද....?


නෙක පැහැයෙන් සිත්තම් කර - හැඩට තැනක එල්ලුවාම.
සහස් රටා පිරිවරාන - තාරපතිට රෑ පිදුවම.
මේ ඉඩ ටික මේ පැලයට - බිම්කඩ මිමි ලියැවුණාම.
හිස්කමේ නැතිවීම, මොනතරම් සුන්දරද....?


දියවී ගිය ඒ සිතුවම් -  සුදු පාටින් වසා දැමුණ,
උල්කාවන් ගිනි ලූ සඳ - සඳ නොමැතිව කළුවී ගිය,
පැල උදුරා ඉවතට ලූ - කෙඳි මුල් තාමත් වද දෙන,

කැන්වසය. අහස. බිම.

මොනතරම් හිස්ද ?


" ඒ හිස්කම සුන්දරයි කියන උඹට පිස්සුද? 

නැත්නම් උඹ කියන්නෙ ඇත්තයි කියල අහගෙන ඉන්න මට පිස්සුද? "

                                                                                                        - අනිල්

2 comments:

  1. Hiskame sundara kama dakinnna baruwa windawana api wage ayage complicated life style walata maru mathak kirillak :D

    ReplyDelete
  2. හිස් කමේ සැඟවුන නිදහස ඔබ හරි - ඒත් ඒ නිදහසේ සැඟවිලා තියෙන දුක, තනිකම සහ පාළුව.....

    හරියට ඒකත් ,
    තනිකඩකම , නිදහස්
    විවාහය , සංකීර්ණ යි ඒත් සොඳුරුයි ලු...

    ReplyDelete