Saturday, January 11, 2014

:: තරු වැට ::














බෝ කලකට පෙර
නළලත සිඹ
නෙතින් දොවාගන
සීරුවෙන් ගෙන
දෙදෙනාම එක්ව
සඳට මඳක් එහායින්
පරෙස්සමින් එල්ලුව
කඳුළු තරු කැටය

විස පතොක් කට්ට කණු
උල් තියුණු කටු කම්බි
ඉරී ගිය පටසේල
බෙදා තරු වපසරිය
හරි මැදින් එක දිගට
ඔබේ අඩ මගේ අඩ
අඩුත් නැත වැඩිත් නැත