වසන්තයේ අග.....
Monday, September 9, 2013
:: අහඹු ::
හිරි පිපෙන සිහිලසක්
කිති කවන උණුහුමක්
සමනල් පැහැ මියැසියක්
වෙන කවුරු මවන්නද ..?
දත් කැවෙන කෝලයක්
මිට මෙලෙන ආශයක්
නෙතු පුරන හීනයක්
වෙන කොතැන තියෙන්නද ..?
බිලිඳු නෙතු යුගකුත්
බිය වැදුණු පෙමකුත්
සෙනෙහෙබර පොතකුත්
එකම තැන පිපුණු කල....!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)