ප්‍රියාවිය
නුඹේ ලවනත මතක ඇත මට
එ‘ලවනින්ම ආ බැගෑ වදන් හැර
ප්‍රියාවිය
නුඹේ දෙනයන දිලෙනු මතකය
කඳුළු බිඳු ගැන වගක් නැති වුව
ප්‍රියාවිය
නුඹේ ලැම විල සිහි ඇත තවම
එතුල ගිලෙමින් දෙඩූ දෑ හැර
ප්‍රියාවිය
තරුවකට දැමූ නම අමතකව නැත
තරුව දිවුරා දුන් වදන් මිස
ප්‍රියාවිය
පෙම් කලේ යැයි දැනේ ඉඳහිට
නුඹෙම වන්නෙමි කියූ වග හැර
ප්‍රියාවිය
ඉඳින් මා නිවැරදිකරුය
වැරදි කිසිවක් මතක නැති සඳ
ලස්සනයි! :)
ReplyDeleteස්තූතියි බොහෝම. :)
ReplyDelete