සිල්පර. සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් නොවුණද, දැවමය වූයේ ඉතා අඩු ප්රමාණයකිනි. කාලයක් තිස්සේම දිරා ගියා වුවද මසටම කාවැදී තිබුණු ඇණද ලී සිල්පර අත නොහැර එල්ලීගෙනම සිටියෝය. කෝච්චියක් යන වාරයක් පාසා ඇදෙමින්, තැලෙමින් යලි නිසොල්මන් වෙමින්.
කෝච්චිය. ඒ වන විටත් විනාඩි තුන හමාරක් ප්‍රමාදව තිබිණි.
මම. දුරකථනය අතට ගෙන ඇගේ අංකවලින් එකකට ඇමතීමි.
“ කොහෙද ඉන්නේ...?“
“තාම මඟ....!“
“මොකක්ද අනේ ...! දැන් මඟුල් ඇතත් සරසලා ඉවරයි...! තව ටිකකින් පටන් ගනියි...!“
“ඉස්සරහ හන්දියෙ කිඹුලෙක් හැප්පිලා...! එතනින් එහාට බස් එන්නෙ නෑ“
“ඉතිං දැං ඔයා මොකේද එන්න යන්නේ...!“
“කෝච්චියෙ...“
“කෝ....ච්...චි...යේ...?“
“ඔව්...! එතකොට ඉක්මනට එන්න පුළුවන්“
“ අනේ .... මං කෝච්චිවලට බයයි....! කෝච්චි වල එන කුමාරයන්ටත් බයයි...! දිගට දිගේ.....! ඩකස් ඩොකස් ගාගෙන....“
“ඉතිං එහෙම වුණොත් මට වෙලාවට එන්න බැරි වෙයි...!“
“ කමක් නැහැ. කොහොම වුණත් මං ඔයාගෙනෙ....! අනේ කෝච්චියෙ නම් එන්න එපා හරිද.....?“
****************************** ****************
බසය. කිඹුල් මළකුණ මඟහැර ගමන් කල හෙයින් ගමනට අවුරුදු එකහමාරක් ගතවී තිබිණි.
මාලිගාව ඉදිරිපස. කුලියට දීමට තිබේ යනුවෙන් ලියූ පුවරුවක් විණි. අළුත් තීන්තෙන්. පැරණි ලෑල්ලක.
මිනිස්සු. කිසිවෙක් කොහේවත් නොසිටියහ.
මම. ආපසු යන දුම්රියට නැඟුණෙමි.
****************************** *****************
හරස් ගේට්ටුව. දුම්රියට පමණක් ඉඩ දෙමින් වාහන වලට එදිරිව අවලම්බනය වෙමින් සිටියේය.
සුදු පැහැති සැප රිය. වාහන පෙලෙහි තුන්වෙනුවට තිබිණි. රෝද නැවතී. එන්ජිම ක්‍රියාත්මකව.
ඇය. සැප රිය තුලට වී කෑ ගසමින් උන්නාය. විසල් කොටගත් නෙත් තදින් වසාගෙන. දෝතින්ම දෙසවන් බදාගෙන.
ස්වයංවරය. කලකට පෙර අවසන්ව තිබිණි.
“ඉස්සරහ හන්දියෙ කිඹුලෙක් හැප්පිලා...! එතනින් එහාට බස් එන්නෙ නෑ“
“ඉතිං දැං ඔයා මොකේද එන්න යන්නේ...!“
“කෝච්චියෙ...“
“කෝ....ච්...චි...යේ...?“
“ඔව්...! එතකොට ඉක්මනට එන්න පුළුවන්“
“ අනේ .... මං කෝච්චිවලට බයයි....! කෝච්චි වල එන කුමාරයන්ටත් බයයි...! දිගට දිගේ.....! ඩකස් ඩොකස් ගාගෙන....“
“ඉතිං එහෙම වුණොත් මට වෙලාවට එන්න බැරි වෙයි...!“
“ කමක් නැහැ. කොහොම වුණත් මං ඔයාගෙනෙ....! අනේ කෝච්චියෙ නම් එන්න එපා හරිද.....?“
******************************
බසය. කිඹුල් මළකුණ මඟහැර ගමන් කල හෙයින් ගමනට අවුරුදු එකහමාරක් ගතවී තිබිණි.
මාලිගාව ඉදිරිපස. කුලියට දීමට තිබේ යනුවෙන් ලියූ පුවරුවක් විණි. අළුත් තීන්තෙන්. පැරණි ලෑල්ලක.
මිනිස්සු. කිසිවෙක් කොහේවත් නොසිටියහ.
මම. ආපසු යන දුම්රියට නැඟුණෙමි.
******************************
හරස් ගේට්ටුව. දුම්රියට පමණක් ඉඩ දෙමින් වාහන වලට එදිරිව අවලම්බනය වෙමින් සිටියේය.
සුදු පැහැති සැප රිය. වාහන පෙලෙහි තුන්වෙනුවට තිබිණි. රෝද නැවතී. එන්ජිම ක්‍රියාත්මකව.
ඇය. සැප රිය තුලට වී කෑ ගසමින් උන්නාය. විසල් කොටගත් නෙත් තදින් වසාගෙන. දෝතින්ම දෙසවන් බදාගෙන.
ස්වයංවරය. කලකට පෙර අවසන්ව තිබිණි.
තේරුන් ගැනීමට තතනමින් සිටිමි
ReplyDeleteඑයා ඒ තරම් කෝච්චියට බය ඇයි ?
ReplyDeleteදවස් කීපයක්ම මේකට කොමෙන්ටුවක් දාන්න හිටියත් අතපසු උනා.
ReplyDeleteමේක නම් තේරුම් ගන්න අපහසුයි. කෝච්චි සහ බස් සංකේතාත්මකව යොදාගෙන කියල හිතුනත් ඒ කොහොමද කියලා වැටහෙන්නෙ නෑ. යම්කිසි ඉලක්කයක් කරා යෑමේ මාර්ග දෙකක් ලෙස පමණක්ද? සිල්පර ගැන තියන කොටස නිසා හිතෙනවා ඊට වඩා එහා ගිය අරුතක් ඇතියි කියලා... රැකියාවක්? අධ්‍යාපන ක්‍රමය? කොහොම වෙතත් සමස්තයක් වශයෙන් ගත්තහම, තම අරමුණට නිසි වෙලාවට ලඟා වන්නට නොහැකිවීම නිසා තම පෙම්වතිය අහිමිවන අයුරු දක්වපු නිර්මානයක් විදිහට තමයි මට මේක තේරෙන්නෙ.
මේ වගේ නිර්මාණ තුල අතරමං වෙන එකත් සුන්දර අත්දැකීමක්...
ස්තුතියි හැමෝටම. කියෙව්වට වගේම අදහස්වලටත්.
ReplyDelete