Tuesday, July 19, 2011
:: දේශද්‍රෝහියාගේ පාපොච්ඡාරණය::
වැරදිකරු වෙන්නැති හාන්දුරුවනේ!
හැබැයි මං දැනං උන්නෙ නෑ
මං අතකොළුවක් වෙලා කියල
විදේසීය ඒජන්තයන්ගෙ......!
හාංකවිසියක්වත් තේරුණේ නෑ
මං උල්පන්දං දෙනවය කියල
ත්‍රස්තවාදෙට........!
එහෙමයි..!
මං විතරක් නෙවෙයි.
විස්සවිද්යාලෙ ගිය පොඩි එකා!
ඌත් හවුල්වුණා මේ වැඩේට
( අනේ ඌට ගහන්නෙපා....)
ඌ ගෙදර දැන් අවුරුදු දෙකක්
ගුරු විබාගෙත් පාස්
පත්වීම් තව නෑනෙ...!
ඇමතිතුමත් ගෙදර හිටියළු
අවුරුදුම හතක්....!
ඉස්කොලෙන් එලෙව්වට පස්සෙ
රස්සාවක් නැතිව..!
ඒ නිසා අපෙ උන්ටත් ඉන්නළු
තව අවුරුදු පහක්...!
සී වරං දෙයියන් පල්ල.. නෑ..!
ඇන්ජීඕ තියා ග්රාමසංවර්ධනෙංවත්
සල්ලිනං දුන්නෑ මේ වැඩේට..!
අනිත් එක හාංදුරුවනේ...!
සබාපතිතුමාගෙ කීමට
තමුන්නැහැල මාව කුදලං ඇවිත්
කරඅඹල දානකල්ම මට තේරුණේ නෑ
හීං කනටි කෑල්ලක් දෙකට බෙදුවම
රට කැඩෙන බව කෑලිවලටම ....!
:)
ReplyDelete