මරණය....!
හරි... ඔට්ටුයි
නිදහස් නම් ඔය කියන තරම්ම
සැපවත් නම් ඔය පෙනෙන තරම්ම
ලෑස්තියි මං එන්න නුඹ කැටුව
කට්ට කරුවල රෑක
හුලං පොදක්වත් නැති වෙලාවක
පට්ට කළු ඇඳුමක් ඇඳගෙන
නිශාචරයන් නිදියන රෑක
ගේ පිටිපස්සෙ වැටෙන් පැන
වා කවුළුවෙන් රිංගා ඇවිදින්
සද්ද නොනැගෙන්න
ඇහැරෙව්වොත් මාව
ලෑස්තියි මං එන්න
හරි... ඔට්ටුයි
නිදහස් නම් ඔය කියන තරම්ම
සැපවත් නම් ඔය පෙනෙන තරම්ම
ලෑස්තියි මං එන්න නුඹ කැටුව
කට්ට කරුවල රෑක
හුලං පොදක්වත් නැති වෙලාවක
පට්ට කළු ඇඳුමක් ඇඳගෙන
නිශාචරයන් නිදියන රෑක
ගේ පිටිපස්සෙ වැටෙන් පැන
වා කවුළුවෙන් රිංගා ඇවිදින්
සද්ද නොනැගෙන්න
ඇහැරෙව්වොත් මාව
ලෑස්තියි මං එන්න
හැබැයි....!
එකම එක තරු එළියකට
පෙනුනොතින් අපි අපිට
පුංචිම පුංචි හුලං සැරකට
දැනුනොතින් ඒ සුවඳ
හීනිම හීනි රැහැයි හඬකට
ඇහැරුණොත් ආ මඟ මතක
ඉස්සරහ තාප්පෙ සුදු එළියට
දුටුවොතින් ඒ බැල්ම
නුඹ සළුවෙ වූ
එකම සුදු නූලකින්
මං ආපහු එල්ලේවි
ඒ මතක මුල් සමඟ
ඒ පැතුම් පොදි සමඟ
එන්නට නම් බැහැ කියාගෙන
මරණය....!
දොස් කියන්නෙපා එදාට
රැවැට්ටුවායැයි මං නුඹව
දුන්නත් මොන තරම් වද
තාම මං ආදරෙයි
නුඹට වඩා ‘ජීවිතයට’
එකම එක තරු එළියකට
පෙනුනොතින් අපි අපිට
පුංචිම පුංචි හුලං සැරකට
දැනුනොතින් ඒ සුවඳ
හීනිම හීනි රැහැයි හඬකට
ඇහැරුණොත් ආ මඟ මතක
ඉස්සරහ තාප්පෙ සුදු එළියට
දුටුවොතින් ඒ බැල්ම
නුඹ සළුවෙ වූ
එකම සුදු නූලකින්
මං ආපහු එල්ලේවි
ඒ මතක මුල් සමඟ
ඒ පැතුම් පොදි සමඟ
එන්නට නම් බැහැ කියාගෙන
මරණය....!
දොස් කියන්නෙපා එදාට
රැවැට්ටුවායැයි මං නුඹව
දුන්නත් මොන තරම් වද
තාම මං ආදරෙයි
නුඹට වඩා ‘ජීවිතයට’
No comments:
Post a Comment