පරණ මතක
ඉඳහිටක අළුත්වන
හොරෙන්ම හිනැහෙන
අනෙකකු හා බෙදෙන
කෙබරයක් තෙපරබා හිනැහෙන
ඉඳහිටක ඇත්තම කියවෙන
රූ රටා
පෙම් සුවඳ වියැකුණ
දෙපසෙහිම ඇලවෙන
නොදන්නා සේ හිඳින
අනුන් රවටා අපද රැවටෙන
දකින්නත් ඇතැයි සිතමින
පෙම් කථා
හරබරව වියමින
එතරම්ම පෙමින
වෙනකකු හා බැඳෙමින
පැරණි ප්‍රේමය ඔපයට එල්ලන
උඩඟු බැල්මෙන් එ‘වග දොඩවන