වත වෙලී නික්ම ගිය
මුදු සුවඳ සුළං පොද
නුඹට කිසි වරද නැත
හිටිවන ම පිටවුම ට.
දුන් දෙයම මිස
අන් යමක් ලැබී නැත.
විරහව ද එලෙසම ය.
අහඹු පුපුරකින් ගිනිගත්
කළු ගැහුණු පුළුන් පෙඳ.
සුළං රළ වළකයි
දිග හැඩති සෝපාව.
දැවී හළු වන්ට පෙර
යන්තමින් හෝ සිඹිමැයි
පොළොවටම එයි ඇතැම් තරු
දිවෙනට වරම් නොමැතිව
දිලෙමින් ම සැනහෙති
නුබ ඉතිරි තව බොහෝ තරු