tag:blogger.com,1999:blog-8824934781046295614.post1921796372247954180..comments2023-06-24T16:40:31.805+05:30Comments on වසන්තයේ අග.....: :: සාරුවා (වගේ දේවල්) - 02 ::Anil Herath අනිල් හේරත්http://www.blogger.com/profile/10369482897451416802noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8824934781046295614.post-77748140163905452872013-05-17T20:04:25.016+05:302013-05-17T20:04:25.016+05:30තිසර,
ස්තූතියි.
ඔබ කියන අදහස් සමුදාය එහෙමම දැනුනු...තිසර,
ස්තූතියි.

ඔබ කියන අදහස් සමුදාය එහෙමම දැනුනු නිසා තමයි ප.ලි. කොටසක් එකතු කලේ. මොකද මීට කලින් කලාපෙ රොෂාන් ගැන ලියපු වෙලාවෙ හොඳටම බැනුම් ඇහුව මෙහෙමද කවි ලියන්නෙ කියල. ඒ නිසා ප.ලි. කොටස ස්වයං ආරක්ෂණ උපක්‍රමයක්. :)

“මෙවන් ප්රස්තූතයක් ගැන ලියවෙන කවියක සාහිත්‍ය රසය, කවියේ මූලික ගුණාංග රැකී ඇති බව සෙවීමට උත්සහ කිරීම තුල මටම පැහැදිලි කල නොහැකි යම් පරස්පරයක්, අනුචිතභාවයක් තිබෙන බව මට හැඟෙනවා...“
ඔබේ මේ අදහසත් එක්ක මා සම්පූර්ණයෙන්ම එකඟයි.

තවත් පැහැදිලිව කියනවා නම් භාව ප්රකාශනයක ආකෘතිය ඒ භාවය විසින්ම තැනිය යුතුයි කියලයි මට දැනෙන්නෙ. සමහරවිට ඒක කවියකට වඩා වෙනස්ව කම්මුල් පාරක්, පිහි පාරක් වෙන්නත් පුළුවන්.
නමුත් ශිෂ්ඨාචාරය විසින් අපව ගෙනැත් තියෙන තැන තමයි අපේ භාව ප්‍රකාශයන් සඳහා රාමු තනා මේ හොඳයි මේ නරකයි කියා මායිම් ලකුණු කිරීම. මං හිතන්නෙ මේ දේ වඩාත් බරපතලයි නිර්මාණකරනයෙදි. මොකද නිර්මාණකරුවා ශිෂ්ධාචාරයේ පෙරගමන් කරුවෙක්ය කියන කතන්දරෙත් එක්ක.
ඉතිං ඔබ කියන අනුචිත බව දැනුණත් බොහෝ නිර්මානකරුවන් ඒ බව වසංකරගෙන සාහිත්‍යමය රසයට මුල්තැන දෙන්නේ හෝ එලෙස ලබාදීම අගයන්නේ අර කියන රාමුවෙන් පිට ගොස් සාමාන්‍ය මිනිසෙක් බවට පත්වීමට ඇති බය නිසාය කිව්වොත් වැරදි නැහැ.

නමුත් මට අනුව නම් ශිෂ්ඨාචාරය හෝ නිර්මාණය ඉදිරියට ගෙන යන්න වැඩි දායකත්වයක් දුන්නෙ නිර්මාණයේ සෞන්දර්යය කියන දේටම ගැති නොවුණු නිර්මාණකරුවන්. බ්‍රෙෂ්ට්, සර්ජි අයිසන්ස්ටයින්, මාකේස් ලෝකා, ටැරන්ටිනෝ වගේ අය.
අනෙත් අතට ඔවුන් දක්ෂ වුණා තම නිර්මාණ තුලින් නිර්මාණයේ සෞන්දර්යය කියන දෙයට අදාල වපසරිය පුළුල් කරන්නත්. ඒ අතින් බැලුවාම නම් මා මේ ලියා තිබෙන්නේ නිකම්ම වචන ටිකක්. ;)Anil Herath අනිල් හේරත්https://www.blogger.com/profile/10369482897451416802noreply@blogger.comtag:blogger.com,1999:blog-8824934781046295614.post-11022035119557905922013-05-02T00:02:17.629+05:302013-05-02T00:02:17.629+05:30Good song.
But they will never be punished by this...Good song.
But they will never be punished by this govt....
It's the saddest news...

ඔයාලා කැමතිනම් ලෝකේ වටේ සිදුවෙන හැම වැදගත් සිද්ධියක්ම සාරාංශව දැනගන්න "දසත නිව්ස්" සයිට් 1 ට එන්න. දවසකට සැරයක්වත් ඇවිත් ගියොත් ලෝකේ වැදගත් දේවල් ඔක්කොම එදාම දැනගන්න පුළුවන්.www.dasathanews.comhttp://www.dasathanews.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8824934781046295614.post-49089604724377728832013-02-07T08:30:14.697+05:302013-02-07T08:30:14.697+05:30අනිල් කවිය ගැන අදහසක් ඉදිරිපත් කරනවා වෙනුවට මට නැග...අනිල් කවිය ගැන අදහසක් ඉදිරිපත් කරනවා වෙනුවට මට නැගුන ප්‍රශ්නයක් අහන්නම්... මේ මාතෘකාව දැක්ක ගමන් ඔබ ප.ලි. හි සඳහන් කර ඇති හැඟීම අන්වාර්යයෙන් ඇති වෙනවා... හැබැයි ඒ එක්කම කවිය කියවීමේදී කවියේ සාහිත්‍යමය රසය වෙනුවට ඔබගේ ඒ සඳහන් කරන ලද හැඟීම් ඉස්මතු වූ ස්වභාවයක් පෙනෙනවා. කොටින්ම කියනවා නම් අනිල් කියන කවියා වෙනුවට අනිල් කියන පුද්ගලයාව පේන්න ගන්නවා. මෙවන් ප්රස්තූතයක් ගැන ලියවෙන කවියක සාහිත්‍ය රසය, කවියේ මූලික ගුණාංග රැකී ඇති බව සෙවීමට උත්සහ කිරීම තුල මටම පැහැදිලි කල නොහැකි යම් පරස්පරයක්, අනුචිතභාවයක් තිබෙන බව මට හැඟෙනවා...

මේ ගැන අනිල්ගේ අදහස මොකද්ද? සමාජ ප්‍රශ්න, ඉතා සංවේදී සිද්ධි ගැන කතා කිරීමේදී කවියේ සාහිත්‍යමය රසය තරමක් යටපත් වී යාම ප්‍රශ්නයක් නැද්ද, නැත්නම් කුමක් අරබයා ලියවුනද එය කවියක් නිසා කාව්‍යාත්මක ලක්ෂණ අනිවාර්යයෙන් තිබීම ප්‍රධාන ද? ඒ වගේම.. මේ ඇසුරෙන්ම තවත් පැනයක් එනවා... යමෙක් හිතනවා නම් කාව්‍යාත්මක ලක්ෂණ රැකගැනීමයි ප්‍රධාන දේ කියලා, එතකොට අපි ඇත්තෙන්ම විඳින්නේ කවියේ සහිත්යමය රසය පමණක්ද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com