Thursday, March 23, 2017

::හිත්::


ගිලිහුණත් පැටලෙති
යලි යලිත් තව තවත්
කාසිමොඩෝ තරම්ම කුදුවට
එස්මෙරෙල්ඩා තරම් හැඩට
දෙදෙනා විලසම තදට...!

Tuesday, March 21, 2017

:: නම් නැති 12 ::

.
ඇඳීමි
දියමත ඉරක්.

කප්පරක් පාසි
හරියටම ඒ ඉරමත..!

Saturday, March 18, 2017

::සත්තු::



වලාවක් ඇදුනා පහලින්
මුවාකර උකුසුවෙස
කිසිවක් නොදත් කිරලෙක්
නැඟුණා වලෙක හිඳ

ඉඳහිට වහන කපුටෙක්
බින්දත් සමාධිය
අව්වෙත් නිදති යහතින්
අම්බරුන් නිහඬව